Saturday, September 21, 2024

General line - 0115112241

නීතිපතිට සහ මහ බැංකු අධිපතිට අභියාචනාධිකරණයෙන් නොතීසි




පපර්චුවල් ට්‍රෙසරීස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අභියාචනාධිකරණයේ පෙනී සිටින්නැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට සහ නීතිපතිවරයාට අද (20) නොතීසි නිකුත් කෙරුණා. 

ඒ අනුව ලබන මස 03 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට නියෝග කෙරුණේ. පපර්චුවල් ට්‍රෙසරීස් සමාගම විසින් ගොනු කළ අදාළ රීට් පෙත්සම අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණා. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කර ඇති උපදේශන මාලාවක් හේතුවෙන් තම සමාගමේ කටයුතු සීමා සහිතව කිරීමට සිදුව ඇති බවයි අදාළ සමාගම රීට් පෙත්සම මඟින් දක්වා ඇත්තේ. 

ඒ හේතුවෙන් එම උපදේශන මාලාව ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිඛෙනවා.