Saturday, September 21, 2024

General line - 0115112241

ෆුල් ෆේස් තහනමට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජූලි 13 දක්වා දීර්ඝ කෙරේ





ෆුල් ෆේස් තහනමට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය ජූලි 13 දක්වා දීර්ඝ කෙරේ.

ෆුල් ෆේස් තහනමට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගය අද ජූලි 13 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. 

නිසි ප්‍රමිතියකින් යුත් ෆුල් ෆේස හෙල්මට් භාවිත කිරීමට හැකි වන ලෙසට නව රෙගුලාසි සම්පාදනය කිරීම මෙතෙක් අවසන් වී නොමැති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය දන්වා තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 12වනදා යළි කැදවීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

යතුරු පැදිකරුවන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ උපදේශන චක්‍රලේකය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙසට නියෝගයක්  නිකුත් කරන ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් තිදෙනෙකු අභායාචනාධිකරණය හමුවේ.