Saturday, September 21, 2024

General line - 0115112241

"විදුලි උත්පාදන වියදම ඉහළ ගියොත් අපිට බෙදා ගන්න වෙයි" - ඇමති කියයි




පවතින කාලගුණික තත්ත්වය හමුවේ අංක එකට සැලකිල්ලක් දක්වන්නේ පානීය ජලය සැපයිමට බවත් අංක දෙක ලෙස විදුලි නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (20) පෙරවරුවේ කෑගල්ල කච්චේරියේ පැවති සංවර්ධන කමිටු  රැස්වීමකට සහභාගි වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ  "ඒ ආකාරයෙන් පානීය ජලය ගැන නොසිතා පවතින ජල ප‍්‍රමාණය විදුලිය නිපදවන්න පමණක් යොදාගන්නවා නම්, මේ පවතින තත්ත්වය හමුවේ මැයි මස 31 දක්වා විදුලිය නිපදවන්න පුළුවන්. නමුත් විදුලි නිෂ්පාදනයට වඩා පානීය ජලයට ප‍්‍රමුඛස්ථානයක් දියයුතු බැවින් මේ කාලගුණික තත්ත්වය මේ මට්ටමෙන්ම පැවතුණොත්, වැස්ස නොලැබුණොත්, අපේ‍්‍රල් මාසෙ 21,22 පමණ වනවිට ජලයෙන් විදුලිය නිපදවීම නවත්වන්න වෙනවා" යනුවෙනි. 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ "ජලයෙන් විදුලිය නිපදවන්න බැරි වුණත් මහජනතාවට අඛණ්ඩව විදුලිය සපයන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. විදුලිබල මණ්ඩලයෙන් නෙමෙයි මහා භාණ්ඩාගාරයෙන් තමයි මේ වියදම දරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදෙනාටම ඒ  වියදම බෙදී යනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වයෙන් ගොඩඒමට නම්, විදුලිය ඉතිරි කරන්න කියලා. අවම වශයෙන් මෙගාවොට් 50ක් ඉතිරි කරගන්න පුළුවන් වුණොත් ඒක විශාල ජයග‍්‍රහණයක්.  මේ රටේ වීදිලාම්පු ලක්ෂ දහයක ප‍්‍රමාණයක් පවතිනවා. මේ වීදි ලාම්පු දල්වා තබන වේලාවන් සවස සහ උදේ වරුවෙන් පැය 1/2 බැගින් අඩුකරගන්න පුළුවන්නම්, මේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත‍්‍රයට එය විශාල සහනයක්" යනුවෙනි.