Saturday, September 21, 2024

General line - 0115112241

නිවසක් තුළ නවකවදය දුන් සිසුන් රිමාන්ඩ් (VIDEO)




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ කෘෂිකර්ම පීඨයේ සිසුන් පිරිසක් විසින් ඉකුත් 19 වැනිදා එම පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 08 දෙනෙකුට නවක වදය හා පහරදී වද හිංසා පැමිණිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරා සිසුන් 15 දෙනා අද (20) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙගොඩ කලුගමුව, පේරාදෙණිය ප්‍රදේශයේ නිවසකදී මෙම හිංසනය සිදුකර තිබෙනවා.

මෙම නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ. එදින රාත්‍රී 11.20 ට පමණ මෙම නවක වදයට ලක්කරමින් සිටි සිසුන් පිරිස පොලිස් භාරයට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් කළ වැටලීමකදීයි.

වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ නිවස රුපියල් තිස්දහසක මුදලකට මාස 03 කට කුලියට ගෙන ඇති බවයි. පසුව එහි ඉතා රහසිගතව මෙම වදකාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා. 

පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)