Saturday, September 21, 2024

General line - 0115112241

සහල් පැමිණිළි සඳහා අංකයක්




සහල් වැඩි මිලට අළෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1977 ක්ෂණික ඇමතුම් අංකය විවෘත කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදින් පවසනවා.

දිනපතා රාත‍්‍රී 10 දක්වා මෙම දුරකථන අංකයෙන්  පැමිණිලි යොමු කළ හැකි බවයි අමාත්‍යවරයා කොළඹ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

රට තුළ සහල් හිඟයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් තවත් සහල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ අනූ දහසක් ඉදිරි දින කිහිපය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවයි වැඩිදුරයත් ප‍්‍රකාශ කෙරුණේ.