Saturday, September 21, 2024

General line - 0115112241

නීති කඩන ධීවර බෝට්ටුවලට වැඩ වරදියි




ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ මාර්ගෝපදේශ නොසළකා මගීන් ප‍්‍රවාහනය කරන ධීවර බෝට්ටුවල බලපත‍්‍ර තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

ඒ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ අද (20) පැවති සාකච්ඡාවකදීයි. 

කටුකුරුන්ද ප‍්‍රදේශයේදී ධීවර යාත‍්‍රාවක් අනතුරකට ලක්ව 11 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

අදාළ යාත‍්‍රාව 04 දෙනෙකුට හෝ පස් දෙනෙකුට ගමන් කළ හැකි එකක් වුවත් අනතුර සිදුවන අවස්ථාවේ එහි තිස් දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි එහිදී අනාවරණ වුණේ.

මගි ප‍්‍රවාහන යාත‍්‍රාවල ගමන් කරන සෑම මගියෙකුටම ජීවිතාරක්ෂක කබායක් ලබා දිය යුතු වුවත් අදාළ යාත‍්‍රාවේ ගමන් කළ කිසිවෙකුටත් එලෙස ජීවිතාරක්ෂක කබායක් ලබා දී නැතැයි ද අනාවරණ වී තිබෙනවා.  ඒ අනුව එම යාත‍්‍රාවේ බලපත‍්‍රය ද වහාම තහනම් කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.