Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති සමග සයිටම් සාකච්ඡාව දෙමව්පියන්ට අද මගහැරෙයි




සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග තමන්ට අද (20) දිනට නියමිතව තිබූ සාකච්ඡාව හෙට දක්වා කල් ගිය බව සයිටම් ආයතනයේ දෙමව්පිය සංසදය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ "අපි දෙගොල්ලොන්ටම අද හවස  ජනාධිපති නිල නිවසට එන්න කියලා තිබුණා. ඊට පස්සේ කිව්වා පාලන අධිකාරිය සහ දෙමාපියන්ගේ සාකච්ඡා වෙන වෙනම ගත යුතුයි කියලා. ජනාධිපති ලේකම්වරයා දුරකතනයෙන් අපිට මේ බව දැනුම් දුන්නා." යනුවෙනි.

මුලින් නියම කරගෙන තිබූ පරිදී අද සයිටම් පාලනාධිකාරය පමණක් ජනාධපතිවරයා හමුවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.