Saturday, September 21, 2024

General line - 0115112241

පොලිස් පොඩ්ඩට පහරදුන් ලොක්කට වැඩ වරදියි




පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චම්ලි ගුණතිලක රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත අද (20) මුදා හැරුණා.

ඒ, ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. පහරදීමට ලක්වූ කොස්තාපල්වරයාද  යක්කලමුල්ල පොලිසියටම අනුයුක්තව සේවය කරන අයෙක්.

නඩුව හෙට (21) නැවත කැඳවිමට නියමිතයි.