Saturday, September 21, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමතිත් සම්මානයක් ගනී




ලෝක සාමූහික සමාජ වගකීම් සඳහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය  වෙනුවෙන් Outstanding Contribution to Social Development සම්මානයට පාත්‍ර වුණා.
 
සමාජ සංවර්ධනය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය සහ දායකත්වය මුලු ‍ලොවටම ආදර්ශයක් බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සතු උදාර නායකත්වය අගය කරන බවත්, එම දැනුම සහ අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සමුළුව සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බව World CSR Day and CSR සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර් එල් භාතියා  සඳහන් කළා.
 
ඉන්දියාවේ මුම්බායිහි The Taj Land End හෝටලයේ දී පැවති මෙම සමුළුවට ආසියානු සහ යුරෝපීය රටවල් 84 ක නියෝජිතයින් එක්ව සිටියා. මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නයි.