Saturday, September 21, 2024

General line - 0115112241

ධාතුන් වහන්සේ වන්දනාව තව පැය කිහිපයකින් අවසන්




හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ධාතුන් වහන්සේ වන්දනාව තව පැය කිහිපයකින් නිමා වනවා.

ඉදිරියේදී බක්කුල මහා සැයේ තැන්පත් කිරීමට නියමිත බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ මෙහිදී වන්දනා කළ හැකියි.

වන්දනාවේ යෙදුණු සැදහැවතුන් ආපසු පිටව යන්නේ උපදවා ගත් පිං සිත් ද සහිතවයි. 

(එහිදී ඔවුන් දැක්වූ අදහස් කිහිපයක් පහතින් දැක්වෙයි)

ධාතූන් වහන්සේ වන්දනාව අද (20) රාත‍්‍රියේ නිමා වීමෙන් පසු හොරණ ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී හෙටත් (21) පිංකම් රැසක් සිදු කෙරෙනවා.

නොමිලේ ඇස් පරික්ෂා කිරීම, වෛද්‍ය කඳවුරක් සහ ලේ  දන්දීමේ කඳවුරක්ද ඊට ඇතුළත්.