Saturday, September 21, 2024

General line - 0115112241

රණවිරු නිවසට තැබූ වෙඩි ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණ




කැකිරාව, රණජයපුර, රණවිරු ගම්මානයේ නිවසකට අද (20) අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකු තවම අත්අඩංගුවට ගෙන නැහැ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සැකකරන්නේ. කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු එම අවස්ථාවේ නිවසේ රැදී සිට තිබෙනවා.