Saturday, September 21, 2024

General line - 0115112241

සයිටම් දෙමාපියන්ට අදත් සාකච්ඡා නැහැ




ජනාධිපතිවරයා සමග තමන්ට ලැබී තිබූ සාකච්ඡාව අද (21) දිනයේත් නැවත වරක් කල්ගිය බව සයිටම් සිසුන්ගේ මව්පියන් පවසනවා.

මෙම සාකච්ඡාව මුලින් යෙදී තිබුණේ ඊයේ (20) දිනයටයි.

ඒ සඳහා අද අවස්ථාව ලබාදෙන බව පසුව දැනුම් දී තිබෙනවා.

එහෙත් අද දිනයේ ද එම සාකච්ඡාව නොපැවැත්වෙන බවයි සයිටම් මව්පියන් කියා සිටියේ. 

නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනින් ද අද (21) සාකච්ඡා කෙරෙන්නේ සයිටම්  අර්බුදය පිළිබඳවයි. රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ගේ නියෝජිතයෙකු ඊට සහභාගි වනවා.