Monday, December 23, 2024

General line - 0115112241

අසාධ්‍ය වූ ආබාධිත රණවිරුවෙක් රෝහල් ගත කරයි




කොළඹ කොටුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති ආබාධිත රණවිරුවන්ගෙන් එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල් ගත කර තිබෙනවා.

විශ්‍රාමික වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් ඔවුන් මෙම මාරාන්තික උපවාසයේ නිරත වෙනවා.

අසාධ්‍ය වූ ආබාධිත රණවිරුවා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි.

ඉකුත් 14 වැනිදා මොවුන් උපවාසයක් ආරම්භ කළ අතර අද සිට එය මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කිරීමට කටයුතු කළා.