Saturday, September 21, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට දින 3ක්




34 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 3 ක් වෙන්කර තිඛෙනවා. 

මෙම සැසි වාරය ආරම්භවීමට නියමිතව තිඛෙන්නේ ලබන 27 වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. 

මාර්තු 2,15 සහ 22 වනදා ශ්‍රී ලංකාව පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. 

මාර්තු 2 වනදා මෙරට සිදුවූ පුද්ගල පහරදීම් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව තිඛෙනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේ පිළිබදව ඉකුත්දා මෙරට ක්ෂෙත්‍ර චාරිකාවක නිරත වුණා. 

ඒ පිළිබද සැකසූ වාර්තාවක්ද මෙහිදී ජිනිවා මානව හිමිකම් සැසිවාරය සදහා ඉදිරිපත් කිරිමට නියමිතයි. 

මාර්තු 15 වනදා මෙරට වෙසෙන සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබද සාකච්ඡාවට ලක් කෙරෙනවා. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාවේ කරුණු විමසීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස 22 වනදායි.