Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ගේ පක්ෂය සන්ධානයෙන් ඉවත් වෙයි - රටටම ඇහෙන්න කතානායකට කියයි




ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (22) ප‍්‍රකාශ කළා.

ඒ, තමා ඇතුළු සෙසු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවසර ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිමින්.

එහිදී කතානායකවරයා සඳහන් කළේ විමල් වීරවංශ එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැති බවට චෝදනා එල්ලවන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ "ඉතින් දෙයියනේ මේ පාර්ලිමේන්තුවේ කියන එක ප්‍රසිද්ධියේ නෙමෙයිද?. මම මේක මීට පෙර ලියුම දීලත් කිව්වා. ඔන්න එහෙනම් දැන් ආයෙත් රටටම ඇහෙන්න කියන්නම්... අද සිට නෙමෙයි මීට පෙර සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තිබෙන්නා වූ සියලු දේශපාලන බැඳීම් අත්හරින ලදි. ඒ අනුව විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස අප පිළිගනු මැනවි." යනුවෙනි.  

එහිදී කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වන තීන්දුවක් පසුව දැනුම් දෙන බවයි.