Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ වැඩි අවධානය තරුණයින් සහ කාන්තාවන් ගැන




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අතර හමුවක් අද (22) දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

වත්මන් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර පක්ෂයේ යාන්ත‍්‍රණය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

අද සාකච්ඡාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරිගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ පක්ෂයේ තරුණ සමුඵව සහ කාන්තා සමුළුව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවයි. 

වත්මන් දේශපාලන පසුබිම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ජයග‍්‍රාහී ලෙස ඉටුකිරීමට සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.