Saturday, September 21, 2024

General line - 0115112241

දැරියක් තවමත් අතුරුදහන්




කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරින් 12 හැවිරිදි දැරියක් තවමත් අතුරුදන්ව සිටින බව පොලිසිය පවසනවා.

අතුරුදන්ව සිටින දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. 

ඉකුත්දා සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති මුළු සංඛ්‍යාව 15ක්. අනතුරින් පසු අතුරුදන්ව සිටි 23 හැවිරිදි තරුණියකගේ සිරුරක් අද (22) දහවල් සොයා ගැනුණා. අද පෙරවරුවේ ඇගේ සැමියාගේ සිරුර ද සොයා ගැනුණේ බේරුවල ප‍්‍රදීපාගාරය ආසන්නයේ තිබියදීයි. 

ඉකුත් ඉරිදා බේරුවල දේවස්ථානයක පැවති වාර්ෂික මංගල්‍යයකට සහභාගි වීම සඳහා බෝට්ටු පෙරහැරකින් යමින් සිටියදී එක් බෝට්ටුවක් පෙරළීමෙන් මෙම අනතුර සිදුවුණා. 

මේ අතර  බෝට්ටුව පෙරළීයාමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 15 දෙනාගෙන් 07දෙනෙකුගේ  අවසන් කටයුතු අද  පස්වරුවේ සිදු කෙරුණා. 

බෙරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවැති යාඥා මෙහෙයෙන් පසු අවසන් කටයුතු සිදු කරනු ලැබූවා.

මෙම අවස්ථාවට අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුලු ආගමික නායකයින් රැසක් ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න,  කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩි.සී ජයලාල්, බේරුවල ප්‍රාදේශිය ලේකම් චතුර මල්රාජ් ඇතුලු දේශපාලනඥයින් රැසක් ද එක්ව සිටියා.