Saturday, September 21, 2024

General line - 0115112241

ඉඩම් කොමිෂන් සභාවේ මඩකලපුවේ අධ්‍යක්ෂකට වෙඩි තබයි




ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා.

කලවංචිකුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද (22) රාත්‍රී 7.30 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

තුවාල ලැබූ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ විමලරාජ් නේෂන් ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.