Saturday, September 21, 2024

General line - 0115112241

සීගිරිය සිංහ පාදයේ මතභේදයට පුරාවිද්‍යාවෙන් උත්තරයක්




සීගිරිය ඉහළ රජමාලිගා පරිශ්‍රයේ ඇති සිංහ පාදය සම්බන්ධයෙන් මේ වන විට විවාදාත්මක තත්ත්වයක් මතුව තිඛෙනවා. 

ඊට හේතු වී ඇත්තේ එය සිංහ පාද යුගලයක් නොවන බවට රංගිරි දඹුලූ පාර්ශ්වයේ මහනායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් සිදුකළ ප්‍රකාශයක්. 

උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සීගිරිය නිර්මාණය කර ඇති පා යුගල නියපොතු 3ක පාදයක් බවයි. 

එහෙත් සිංහයෙකුගේ පාදයේ නිය සහිත ඇඟිලි 4ක් පවතින බවද පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක ප්‍රකාශ කළේ සීගිරියේ ඇති සත්ව පා සලකුණ සිංහයෙකුගේ බවට ඉතිහාසය විසින් ද සනාථ කරනු ලැබ ඇති බවයි. 

කෙසේ වෙතත් පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනත් මතයක්. 

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ සිංහ පාදය ආශ්‍රිත වූ නිර්මාණ, ප්‍රති නිර්මාණය කිරීමේදී සිදුවූ අත්වැරදීමකින් මෙය සිදුවන්නට ඇති බවයි. 

මෙම මතය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායකගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන ප්‍රති නිර්මාණය කිරීමේදී වුවද ඉතිහාසය අභිබවා යාමට නොහැකි බවයි.

මේ අතර ඉතිහාසය පිළිබද ගවේෂකයින් ද පෙන්වා දෙන්නේ සීගිරියේ ඉහළ රජමාලිගා පරිශ්‍රයට පිවිසීමේදී නිර්මාණය කර ඇති සත්ව පා යුගල සිංහයෙකුගේ බවයි.