Saturday, September 21, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන්ට සියල්ල දී අවසන් - යුද හමුදාව




ආබාධිත රණවිරුවන් සදහා ලබාදිය හැකි සියල්ල මේ වන විට ලබා දී අවසන් බව යුද හමුදාව පවසනවා. 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ සිය කැමැත්තෙන් විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් සදහා මාසික වැටුප හා දුබලතා දීමනාව ද මේ වන විටත් ලබාදෙන බවයි. 

සේවා විශ්‍රාම වැටුප ද ලබාදීමට සියලූ කටයුතු සකස් කර අවසන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

තමන්ට සේවා විශ්‍රාම වැටුපක් ලබාදෙන්නැයි බලකරමින් ආබාධිත රණවිරුවන් මීට පෙර ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උපවාසයක නිරත වුණා. 

එහිදී බලධාරීන් ප්‍රකාශ කළේ ආබාධිත රණවිරුවන්ට අදාළ සේවා විශ්‍රාම වැටුප මේ මාසයේ සිට ලබාදෙන බවයි. 

ඒ අනුව සේවා විශ්‍රාම වැටුප ගෙවීම ඉකුත් 9 වෙනිදා සිට ආරම්භ කෙරුණා. 

එහෙත් ආබාධිත රණවිරුවන් පවසන්නේ මෙම  විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන බවයි. 

සේවා විශ්‍රාම වැටුප් පදනම් කරගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වෙනවා.