Saturday, September 21, 2024

General line - 0115112241

පළාත් දෙකක වෛද්‍යවරු අදත් වැඩ අත්හරිති




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද දිනයේ ද  සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 ඒ අනුව උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් කේන්ද්‍ර කරගනිමින් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. 

උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකෙරෙනවා. 

එය තවදුරටත් දීර්ඝ කරනවාදැයි අද පස්වරුවේ සලකා බලන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හරිත අලූත්ගේ ප්‍රකාශ කළා. 

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ රාත්‍රියේ කොළඹදී පන්දම් පෙළපාළියක නිරත වුණා. 

කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ගාලූමුවදොර දක්වා පන්දම් දල්වාගෙන ඔවුන් විරෝධතා පා ගමනක නිරත වුණා. 

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබද විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සකස් කළ වාර්තාවක් වෛද්‍ය සභාව සඟවා ඇති බවට අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.