Saturday, September 21, 2024

General line - 0115112241

10%ක් ඉතිරි කරන්න - අඛන්ඩව විදුලිය සැපයීම අභියෝගයක්




පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සදහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

කෙසේ හෝ උත්සහ දරන්නේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයීම ලබාදීමට බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. 

එහෙත් එය තවදුරටත් අභියෝගයක් බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල පවසනවා. 

සභාපතිවරයා කියා සිටියේ සියයට 10කින් පමණ හෝ විදුලිය ඉතිරි කරගැනීම මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවයි.‍

මේ අතර ජලාශවලින් මේ වන විට ජලය නිකුත් කිරීමේදී වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ වගා කටයුතු සහ පානීය ජල අවශ්‍යතා සැපයීමට බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

මේ හේතුවෙන් ඉදිරි යල කන්නය පිළිබද වැඩි බලාපොරොත්තු තබාගත හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ සදහන් කළේ. 

මෙම කරුණු අනාවරණ වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.