Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් මොරටු සරසවියේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණ




මොරටුව විශ්ව විද්‍යාලයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා. 

ඒ, නෙත් නිවුස් අද උදෑසන 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සිදුකළ අනාවරණයෙන් පසුවයි. 

විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඳහන් කළේ විශේෂ මණ්ඩලයක් හරහා මෙම පරීක්ෂණය ක්‍රියාත්මක බවයි. 

නෙත් නිවුස් අද උදෑසන අනාවරණ කළේ විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබාගැනීමේදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඒවා ලබාගෙන ඇති බවයි. 
 
මෙවැනි මූල්‍ය අක්‍රමිකතා සිද්්ධීන් සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදුනොවන බවටයි එහිදී චෝදනා එල්ල කළේ. 

කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඊට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බවයි මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා මෙහිදී අවධාරණය කළේ.