Tuesday, September 17, 2024

General line - 0115112241

ජිනීවා මානව හිමිකම් සැසිවාරය අද ඇරඹෙයි




ජිනීවා මානව හිමිකම් කොමිසමේ 34වන සැසිවාරය අද ආරම්භ වනවා. එය අවසන් වන්නේ මාර්තු මස 24 වෙනිදායි.
 
මෙවර සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දින 3ක් වෙන්කර තිබෙනවා. 

පළමු දිනය වන මාර්තු දෙවනිදා සාකච්ඡා කෙරෙන්නේ මෙරට සිදුවූ  පුද්ගල පහරදීම් පිළිබඳවයි.

දෙවන දිනය වන මාර්තු 15 වෙනිදා මෙරට වෙසෙන සුළු ජාතීන්ගේ ගැටලූ පිළිබඳ සාකච්ඡාවට ලක්කෙරෙනවා.

තුන්වන දිනය වන්නේ මාර්තු 22 වෙනිදායි. එදිනට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ කරුණු විමසීමට නියමිතයි.

අමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ පාලනයන් වෙනස් වීම ශ‍්‍රී ලංකාවට කෙසේ බලපාවිදැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. 

ගෝලීය දේශපාලනයේ නව ප‍්‍රවණතා ශ‍්‍රී ලංකාවට වාසියක් කරගත හැකි බවයි ආචාර්ය දයාන් ජයතිලක මෙහිදී කියා සිටියේ. 

මෙවර සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ජිනීවා වේලාවෙන් ඔහු හෙට උදෑසන 10.30ට සැසිය ඇමතීමට නියමිතයි.