Tuesday, September 17, 2024

General line - 0115112241

පෑලියගොඩ පොලිසියේ පස්දෙනා 6 වෙනිදා තෙක් රිමාන්ඞ්




පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු හදිසියේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 5දෙනා ලබන 6වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, සැකකරුවන් අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

ඉකුත් 15 වෙනිදා මෝටර් රථ සොරකමක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව මෙම පුද්ගලයා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා. 

ඒ, ගිනිඅවියක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

පසුව ගිනිඅවිය පෙන්වීමට ගොස් ඇති මෙම පුද්ගලයා පලා යාමට උත්සහ දරා ඇති අතර එහිදී හදිසියේ රෝගාතුර වූ ඔහු රෝහල්ගත කිරීමේදී මියගිය බවයි පොලිසිය පැවසුවේ. 

කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණ වූයේ ඔහුගේ සිරුරේ අධික තැලීම් පවතින බවයි. 

අධික ලෙස රුධිරය වහනය වීමකින් හෝ ජලය නොමැතිකමින් හෝ මරණය සිදුව ඇති බව ද අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන්. 

මෙම කරුණු අනාවරණ වීමෙන් පසුවයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ.