Tuesday, September 17, 2024

General line - 0115112241

බලපත‍්‍ර නොමැති ගිනිඅවියක් සමග තරුණයෙකු කිරුළපනේදී අත්අඩංගුවට




බලපත‍්‍ර නොමැති ගිනිඅවියක් ළඟ තබාගෙන සිටි තරුණයෙකු කිරුළපන නන්දිමිත‍්‍ර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලද තොරතුරක් මතයි.

24 හැවිරිදි මෙම පුද්ගලයා දෙහිවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.