Friday, September 20, 2024

General line - 0115112241

නව අගවිනිසුරු දිවුරුම් දෙයි




ශ‍්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස ප‍්‍රියසාද් ඩෙප් මහතා අද දිවුරුම් දුන්නා. 

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේයි. 

හිටපු අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතාගේ නිල කාලය පෙරේදායින් අවසන් වුණා. 

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ප‍්‍රියසාද් ඩෙප් මහතා අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සුදුසු බවයි. 

එම නිර්දේශය අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.