Friday, September 20, 2024

General line - 0115112241

‘‘සමයං‘‘ ඝාතකයෝ රටින් පැන යාමේ සූදානමක




කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රැදවූවන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් රටින් පලායාම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි ස`දහන් කළේ මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත‍්‍ර භාවිත කර රටින් පලායාමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. 

ඒ අනුව ඔවුන්ගේ තොරතුරු සහ ඡායාරූප කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බලධාරීන් වෙත ලබාදී තිබෙනවා. 

එමෙන්ම අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමසිලිමත් වීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මෙම ගුවන් තොටුපල වෙත යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් මේ වනවිට විමර්ශන මෙහෙයවනවා. 

ඝාතනය සැලසුම් කළ ප‍්‍රධාන පුද්ගලයා ඇතුළු ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් බහුතරයක් ද මේ වනවිට හදුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.