Friday, September 20, 2024

General line - 0115112241

ආයුර්වේද රෝහලේ සේවකයෙකු ජල ටැංකියක් මත නැග උපවාසයක




බොරැල්ල ආයුර්වේද රෝහලේ උපස්ථායකයෙකු ජල ටැංකියක් මත නැග උපවාසයක් ආරම්භ කර තිබෙනවා. 

ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස ඉල්ලා ඔහු මෙලෙස උපවාසයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අත්හිටුවා ඇති වැටුප් ලබා ගැනීම සහ පසුගිය වසරේ ජූනි මාසයට හිමි අතිකාල දීමනා නතර කිරීමට විරෝධය පල කිරීම ද ඔහුගේ ඉල්ලීම් අතර වනවා. 

සිය ගැටළුවලට විසදුම් ලැබෙන තුරු උපවාසය අත්නොහරින බවයි අදාළ ආයුර්වේද සේවකයා සදහන් කර ඇත්තේ.