Friday, September 20, 2024

General line - 0115112241

ගල්කිස්ස උසාවියට ගිණි අවි ගෙන ඒමේ සැක පිට ඇල්ලූ 20 රිමාන්ඩ්




ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේ තිබී ගිනිඅවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනෙකු ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම පුද්ගලයින්ගෙන් 9 දෙනෙකු ගිනිඅවි සොයාගන්නා අවස්ථාවේදී ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේම රැඳී සිටි අයයි. අනෙක් පුද්ගලයින් ගිනිඅවි සොයාගන්නා අතරවාරයේ ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයට පැමිණි අය වනවා. මෙම පුද්ගලයින්ගෙන් 
16 දෙනෙකු රත්මලාන වැටකෙයියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ. වැඩිදුර විමර්ශන සඳහා සොයාගත් ගිනි අවිවල ඇඟිලි සලකුණු වාර්තා ද ලබාගැනීමට නියමිතව තිබෙනවා.