Friday, September 20, 2024

General line - 0115112241

ඇමතිවරු දෙදෙනෙකුට ඉල්ලා අස්වෙන්න කියයි




බන්ධනාගාර බස් රථයකට කළුතර ප‍්‍රදේශයේදී ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමට වගකීම භාරගෙන බන්ධනාගාර අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා වහාම එම ධුරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා. මේ, කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කළ එහි දේශපාලන මණ්ඩල සභික පූජ්‍ය බද්දේගම සමිත හිමියන්.

රටේ ආර්ථිකය දිනෙන් දිනම අස්ථාවර වෙමින් ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. බොහෝ බැංකු පවා මේ වන විට අස්ථාවර වී තිබෙන බවයි ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මෙහිදී කියා සිටියේ. 

රටේ ණය බර ද වත්මන් ආණ්ඩුව යටතේ වැඩි වී ඇතැයි මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා.