Friday, September 20, 2024

General line - 0115112241

ඇමතිකම තිබුණට අමාත්‍යාංශයට සල්ලි නෑ - ජනපති ඉදිරියේ පාඨලී රටටම කියයි




නාගරික පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස තනා දීමට ප‍්‍රමාණවත් මුදල් ප‍්‍රතිපාදන නොලැබෙන බවට මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනාවක් කරනවා.

ඔහු එම චෝදනාව කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (02) පැවති උත්සවයකදීයි. 

මීට පෙර සිටි සෑම නිවාස අමාත්‍යාංශයකටම සහ නිවාස ඇමතිවරයෙකුටම පැල්පත් වෙනුවෙන් නිවාස ඉදි කරන්නට රාජ්‍ය අරමුදල් ලැබුණු බවත් එහෙත් තමන් ඉල්ලූ ණය ආධාරයවත් නොලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම සිද්ධිය පිළිබඳව තමා කණගාටුවෙන් පසුවෙන බවත් සඳහන් කළා. උතුරේ මෙන්ම වතුකරයේ නිවාස ඉදි කිරීමට රජයේ මුදල් මෙන්ම විදේශ ආයතනවලින් ද විශාල මුදලක් ලැබෙන බවත් නාගරික පැල්පත්වාසීන්ට එවැනි කිසිඳු අනුග්‍රහයක් නොලැබෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

කැලණි ගඟ ශ‍්‍රී ලංකාවේ ධනෝද්පාදන ප‍්‍රධාන අවස්ථාවක් කරගත යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කැලණි ගඟ ආශ‍්‍රිතව මෙන්ම කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ‍්‍රිතව ද විධිමත් බහුකාර්යය ව්‍යාපෘතීන් ආරම්භ කළ යුතු බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියා.