Tuesday, December 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට පොරොන්දුවක්




ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්ම ඔස්සේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කරන බව ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතමින්. 

මෙම වසරේ සිට 2021 වසර දක්වා ශ‍්‍රී ලංකාව අදාළ ක‍්‍රියාකාරී සැලැස්ම ඔස්සේ කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හරහා ඒ සඳහා පහසුකම් සපයන බවයි ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් පැවැසුවේ.

2017 වසරේ දී රුපියල් මිලියන 192 ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ක‍්‍රියාත්මක කිරීම ද මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාව අත්කර ගත් කැපී පෙනෙන වර්ධනයක් බවයි ජිනීවාහි  ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දුන්නේ. අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක‍්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.