Friday, September 20, 2024

General line - 0115112241

බිරිඳගෙන් පහර කෑ සෙබලා උදව් ඉල්ලා කඳවුරටම එයි




තම බිරිඳ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල ලැබූ යුද හමුදා සෙබලෙකු ගල්කිරියාගම පොලිසියේ මැදිහත්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පනාගොඩ යුද හමුදා පොදු සේවා බලකායට අනුයුක්ත සෙබළෙක්. ඔහු ගල්කිරියාගම දඹුලුහල්මිල්ලෑව ගිරානේගම පදිංචි 44 වන වියේ පසුවන්නෙකු වනවා. 

බිරිඳගේ පහරදීමෙන් තුවාල ලැබූ එම සෙබලා දඹුලුහල්මිල්ලෑව ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ආසන්නයට තනිව පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට සැලවී ඇති අතර ගල්කිරියාගම පොලිසිය මැදිහත් වී ඔහු රෝහල්ගත කර ඇත්තේ ඒ අනුවයි. 

පහරදීම සිදු කළ බව කියන බිරිඳ විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.