Friday, September 20, 2024

General line - 0115112241

ගල්කිස්ස උසාවියට ගිනිඅවි ගෙනා ප්‍රධාන සැකකරු භාරවෙයි




ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේ තිබී ගිනිඅවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ගල්කිස්ස පොලිසියට පැමිණ භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඊයේ (02) රාත්‍රියේදී මොහු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු දොන් සාලු රොෂාන් ඉන්දික ද සිල්වා හෙවත් "රෝසා" ලෙස හැඳින්වෙන පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙසටයි සැලකෙන්නේ.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනෙකු ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඊයේ දිනයේයි.

මෙම පුද්ගලයින්ගෙන් 9 දෙනෙකු ගිනිඅවි සොයාගන්නා අවස්ථාවේදී ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේම රැඳී සිටි අයයි. අනෙක් පුද්ගලයින් ගිනිඅවි සොයාගන්නා අතරවාරයේ ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයට පැමිණි අය වනවා.

මෙම පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු රත්මලාන වැටකෙයියාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ.