Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වනාන්තර ගැන ලෝක සමීක්ෂණ වාර්තාවක් එළියට




ශ‍්‍රී ලංකාවේ වන විනාශය අඩු වී ඇතැයි ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ සඳහන් කළේ "ජාත්‍යන්තර වශයෙන් වනාන්තර පිළිබඳව කටයුතු කරන්නේ ලෝක ආහාර සහ සෞඛ්‍ය සංවිධානයයි. ඔවුන් හඳුනාගෙන තියෙනවා වර්ෂ 2000 න් පස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ වන වේගය අඩුවෙලා තියෙනවා කියලා. අපේ වනාන්තර ප්‍රමාණය අඩු වුණත් වනාන්තර විනාශ වෙන වේගයත් අඩු වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ අඩු වනාන්තර වැස්මක් සහිත අඩු වනාන්තර විනාශවීමේ වේගයක් සහිත රටක් ලෙසයි." යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව ද වැඩසටහනක් ක‍්‍රියාත්මක වනවා.