Friday, September 20, 2024

General line - 0115112241

බන්ධනාගාර නියාමක තනතුරේ නිරත වූ උපාධිධාරීන් 35 දෙනෙකුගේ උසස් කිරීම් වසර 8 ක් තිස්සේ ප්‍රමාදයි




බන්ධනාගාර නියාමක තනතුරේ සේවයේ නිරත උපාධිධාරීන් 35 දෙනෙකු තනතුරෙන් උසස් කිරීම සදහා වූ සාකච්ඡා අතරමග නතර වී ඇති බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මීට වසර දෙකකට ඉහතදී මෙම පිරිස ජේලර් 1 පංතියට හෝ සංවර්ධන සහකාර තනතුරට හෝ උසස් කිරීමටයි සැලසුම් කර තිබුණේ. 

ඒ සදහා බන්ධනාගාර ව්‍යවස්ථාවද සංශෝධනය කළ යුතුව තිබුණා. 

බන්ධනාගාර නියාමක තනතුරේ සේවය කරන අයෙකු ජේලර් 1 පංතියට හෝ සංවර්ධන සහකාර තනතුරට හෝ උසස් කිරීමට බන්ධනාගාර ව්‍යවස්ථාව වන්නේ.

සාමාන්‍යයෙන් උපාධිධාරින් බදවා ගන්නේ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සදහායි. එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එවැනි තනතුරු ඇත්තේ 4 ක් පමණයි. 

ඒ අනුවයි මෙම උපාධිධාරීන් පිරිස පසුව උසස්වීමක් ලැබේවි යැයි යන අපේක්‍ෂාවෙන් බන්ධනාගාර නියාමක තනතුරේ සේවයට පැමිණ ඇත්තේ.
 
ඔවුන් පවසන්නේ සිය ගැටලූව සම්බන්ධයෙන් වසර 8 ක් තිස්සේ විෂය භාරව සිටි හිටපු අමාත්‍යවරුන්ට මෙන්ම අදාළ සියලූ බලධාරීන්ට දැනුම් දුන් බවයි. 

එහෙත් තමන්ට මෙතෙක් ඊට නිසි විසදුමක් නොලැබුණ හෙයින් තවදුරටත් බන්ධනාගාරයන්හි පිවිසුම් දොරටුවල ආරක්‍ෂාව සැපයීම, රැදවියන්ගේ ආරක්‍ෂණ හා මුරපොල ආරක්‍ෂාව යන රාජකාරිවල යෙදීමට සිදුව ඇති බවයි.