Friday, September 20, 2024

General line - 0115112241

ඇමති රාජිත හා රාජ්‍ය ඇමති ඩිලාන් මත ගැටුමක




ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදු කළ ප‍්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විරෝධය පල කරනවා.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය ලබන අගෝස්තු මාසයෙන් අවසන් වන බවයි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එවැනි ප‍්‍රකාශයක් සිදු කිරීමට නොහැකි බවයි. 

අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කරන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අගෝස්තු මාසයෙන් අවසන් වන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් කවරේදැයි ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.