Monday, April 29, 2024

General line - 0115112241

ලංකාව 321 යි කුසල් 166 යි (UPDATE)




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර  අද (07) පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වුනා.

දිනය අවසානයේ තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 321 ක්.

සිය දෙවන ටෙස්ට් ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් නොදැවී 166 යි. එම ලකුණු 166 ට හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.

අසේල ගුණරත්න ලකුණු 85 කට දැවීගියා.  නිරෝෂන් දික්වැල්ල ලකුණු 14 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 30 කට සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවීගියා.

-------------------------------------

කුසල් සමග අසේල ඉනිම ගොඩගනී 

(07-03-2017 15:46)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස්  සමත් වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 176 කදි මේ වන විට ලකුණු 106 ක් රැස් කරගෙන සිටිනවා. 

පළමු ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට  කඩුලු 3 ක් දැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 209 ක්.

කුසල් මෙන්ඩිස් සමග පන්දුවට පහරදෙමින් සිටින  අසේල ගුණරත්න නොදැවී ලකුණු 52 ක් රැස්කරගෙන සිටිනවා.

 දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කට දැවී ගියා. තරගයේ අද පළමු දිනයයි.