Friday, September 20, 2024

General line - 0115112241

පොලිස් ප‍්‍රධානීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු




නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි පැවසුවේ පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරු ලබාදී ඇති බවයි. 

පොලිස් මූලස්ථානයට අනුයුක්තව සිටි නියෝජ්‍ය පොලිස්පති එල් එච් ජී කුරේ කුරුණෑගල භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා. 

රත්නපුර කොට්ඨාසයට අනුයුක්තව සිටි ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අයි එම් සමන් යටවර මඩකලපුව කොට්ඨාසය භාර නිලධාරිවරයා ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. 

පොලිස් මූලස්ථානයට අනුයුක්තව සිටි ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජී එම් එච් බුද්ධික සිරිවර්ධන රත්නපුර කොට්ඨාසය භාර නිලධාරිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා. 

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ සෙසු නිලධාරීන්ගේ නාම ලේඛණය පහතින් බලන්න.