Thursday, September 19, 2024

General line - 0115112241

තනි දුම්වැටික් අළෙවි කිරීම තහනම් කිරීමට නීති රීති ඇතුලත් කැබිනට් පත්‍රයක් අමාත්‍ය මණ්ඩලයට




දුම්වැටි තනි තනිව අළෙවි කිරීම තහනම් කිරීමට නීති සකස් කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට ලබන සතියේදී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

දුම්පානය අධෛර්ය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම නීති සකස් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ. 

දුම්කොල බද්ද සියයට අනූව දක්වා වැඩි කිරීමටද මීට පෙර කටයුතු කෙරුණා.

දුම්කොළ වගාවෙන් ඉවත් වන ගොවීන් සදහා විකල්ප වගාවන්ට ආධාර ලබාදීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 


මේ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලෝක බැංකුවේද සහාය හිමිවනු ඇතැයිද විශ්වාසය පළ කෙරුණා.