Thursday, September 19, 2024

General line - 0115112241

සයිටම් විරෝධතාකරුවෝ තැන් හතරකින් පා ගමන් අරඹති




සයිටම් විරෝධී පා ගමන් හේතුවෙන් කොළඹට පිවිසෙන ප‍්‍රධාන මාර්ග කිහිපයක වාහන තදබදයක් ඇති විය හැකි බව පොලීසිය පවසනවා. 

කැළණිය විශ්ව විද්‍යාලය අසල සිට බේස්ලයින් පාර ඔස්සේ මාළිගාවත්ත හරහා කොළඹ කොටුව දක්වා මෙම එක් පා ගමනක් පැමිණීමට නියමිතයි.

වත්තල නගරයේ සිට ජපන් මිත‍්‍රත්ව පාලම,  ඉගුරුකඬේ හංදියෙන් මරදාන හරහා පැමිනෙන පා ගමන මරදානේදී ඉහත පා ගමනට එක් වනවා. 

මොරටුව විශ්ව විද්‍යාලය අසල සිට නුගේගොඩ මාර්ගය ඔස්සේ කොහුවල හරහා හැව්ලොක් හංදියෙන් තවත් පා ගමනක් ගමන් කිරීමට නියමිතයි. 

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණෙන පා ගමනද හැව්ලොක් හන්දියේදී ඊට එක්වනවා.

පසුව එම පා ගමන්වල පැමිණි පිරිස් ලිප්ටන් වටරවුම දක්වා පැමිණීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ. 

තදබදය මගහැරිම සදහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා.