Friday, December 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ආරාධනා කළොත් ? - බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දක්ෂයින් බිහිකළ හතුරුසිංහ පිළිතුරු දෙයි




ක්‍රිකට්‌ පිටියේ දුර්වලයින් ලෙස දශක එකහමාරක්‌ තිස්‌සේ හංවඩු ගැසූ බංග්ලාදේශය මෑතකාලයේ දක්ෂයින් බවට පත් කළ ක්‍රිකට් පුහුණුකරුවෙකු පිළිබඳව දැන් ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඒ චන්දික හතුරුසිංහයි.

බංග්ලාදේශ ක්‍රිකට්‌වල සැබෑම වෙනස ඇති කළ හතුරුසිංහ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය පුහුණුකරුවකු බව සංගක්‌කාර, මහේල සහ මුරලි ද පසුගිය කාලයේ සඳහන් කළා. 

චන්දික හතුරුසිංහට බංග්ලාදේශය සමඟ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තිබෙන්නේ තවත් වසර දෙකයි මාස කිහිපයක් පමණයි. ඊට පසු ඔහු ගමන් කරන්නේ ඔස්‌ට්‍රේලියාවටයි. ඔහු ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේයි. 

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශැඩෝ පුහුණුකරුවෙකු ලෙස සේවය කළ චන්දික හතුරුසිංහ සිය මතකය අවදි කළේ මෙලෙසයි, 

"මම ගියේ නැහැ. මාව මාස දෙකක පඩි දීල යෑව්වා. ඊට පස්‌සේ මට බලෙන් ඉන්න බැහැනේ. මොකද මට පවුලක්‌ ඉන්නවා. ළමයි ඉන්නවා. ඒ අයව බලා ගන්න රස්‌සාවක්‌ කරන්න ඕනේ. ඒ නිසා මම ගියා. මොකද ලංකාවේ මුවර්ස්‌ හෝ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයක පුහුණුකරුවකු ලෙස වැඩ කරල හම්බවෙන ගාණෙන් පවුලක්‌ ජීවත් වෙන්න බැහැනේ. ඒ නිසා තමයි මම ඔස්‌ට්‍රේලියාවට යන්න හේතුව." 

කෙසේවෙතත් වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් චන්දික හතුරුසිංහට යළිත් ආරාධනයක් සිදු කලොත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමේ බලාපොරොත්තුවකින් ඉන්නවා. එහිදී ඔහු සඳහන් කළේ,  "ලංකාවට ඕනම වෙලාවක ආරාධනා කළොත් මම සතුටින් එනවා රටට දෙයක්‌ කරන්න." යනුවෙනි.