Thursday, September 19, 2024

General line - 0115112241

ප‍්‍රමිතියෙන් තොර ගිනි පෙට්ටි ලක්ෂ 15ක් තිබූ කර්මාන්ත ශාලා දෙකට නඩු




ප‍්‍රමිතියෙන් තොර ගිනි පෙට්ටි පහළොස් ලක්ෂ අනූදහසක් සොයා සොයාගත් කර්මාන්ත ශාලා දෙකට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අතරින් ගිනි පෙට්ටි දාහතර ලක්ෂ හතළිස් දහසක් සොයා ගත්තේ මහනුවර අලදෙණියේ පිහිටි කර්මාන්තශාලාවකින්.

තවත් ගිනි පෙට්ටි එක් ලක්ෂ පනස් දහසක් මහනුවර පල්ලෙකැලේ පිහිටි කර්මාන්ත ශාලාවකින් සොයා ගත්තා. 

ප‍්‍රමිතියෙන් තොරව ගිනි පෙට්ටි නිෂ්පාදනය කළ මෙම කර්මාන්ත ශාලා දෙක වැටලීමෙන් අත්අඩංගුවට ගත් ගිනිපෙට්ටිවල වටිනාකම රුපියල් ලක්ෂ 95ක්.