Thursday, September 19, 2024

General line - 0115112241

පිළියන්දල සහ තලංගම මාරක රිය අනතුරු දෙකක් - දෙදෙනෙකු මරුට




පිළියන්දල සහ තලංගම යන ප‍්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පිළියන්දල බෝකුන්දර ප‍්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් විසි දෙහැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

යතුරුපැදියේ ගමන්ගත් ඔහු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ අතර තලංගම ප‍්‍රදේශයේ දී ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී සිදු වූ අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.