Wednesday, December 25, 2024

General line - 0115112241

පැහැරගත් නැව සොයා මෙහෙයුම් අරඹයි (UPDATE)




මුහුදු කොල්ලකරුවන් පැහැර ගත් නෞකාව පිළිබඳව යුරෝපා නාවික බලකාය මෙහෙයුමක් ආරම්ක කර තිබෙනවා.

මේ වන විට තොරතුරු වාර්තා වෙන්නේ එම නෞකාව ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් සිටියදී මෙලෙස කොල්ලකරුවත් අතට පත්ව ඇති බවයි.

මෙම නෞකාව සෝමාලියානු වරාය ආශ්‍රිත නගරයක් වෙත රැගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා.

වසර 2012 න් පසු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් සිදු කළ සාර්ථකම නෞකා පැහැර ගැනීම මෙය බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

---------------------------------

ශ්‍රී ලංකා  ධජය සහිත නෞකාවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

14-03-2017 12:23

 

ශ්‍රී ලංකා  ධජය සහිත නෞකාවක්  සෝමාලියානු කොල්ලකරුවන් ඉන්දියානු සාගරයේදී පැහැරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයට  අයත් අයිරිෂ් 13 නෞකාව කාර්ය මණ්ඩලයේ 8ක් සමග මෙලෙස පැහැරගෙන ඇති බවයි වාර්තා වන්නේ.