සිය දඬුවම් ලිහිල් කරන්නැයි බල කරමින් වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින රැඳවූවන් පිරිසක් අද (14) ආහාර වර්ජනයක නිරත වුණා.
රැඳවියන් 50 ක පමණ පිරිසක් අද උදෑසන සහ දහවල් ආහාර ලබා නොගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පැවසුවේ.
ඔවුන් දෛනික වැඩ රාජකාරී සඳහාද අද දිනයේ එක්වී තිබුණේ නැහැ.
වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරඳඬුවම් විදින රැඳවුවන් සංඛ්‍යාව දෙසියයකට අධිකයි.