Thursday, December 26, 2024

General line - 0115112241

ජීනීවා යෝජනා බලගන්වන්න - පලාත් දෙක එක් කරන්න - උතුරෙන් අළුත් යෝජනාවක්




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා කි‍්‍රයාත්මක කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවට ස්වයං  තීරණ ගැනීමට ආණ්ඩුව අවස්ථාව දිය යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

ඒ, ජිනීවා යෝජනාවලිය ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කළයුතු ආකාරය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ පැවති විශේෂ විවාදයකදීයි. 

යුද අපරාධ සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන් යොදා ගනිමින් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව අදාළ යෝජනාවට ඇතුළත් එක් කරුණක්. 

යුද අපරාධ පරීක්‍ෂණ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතුයි යන්න තවත් කරුණක් වනවා. 

දෙමළ ජනතාවගේ ගැටලූවලට ස්ථිර විසදුම් ලබාදීම ඇතුළු කරුණු 6 ක් සම්බන්ධයෙන් මෙම විවාදයේදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් යාපනයේදී අද පැවැත්වීමටද නියමිතයි.