මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී යන තනතුර පළමුවරට ඇති කර තිබුණේ මදුරුවන් මගින් බෝ වන රෝගවන බරවා සහ මැලේරියා යන රෝග මර්දනයටයි.
ඔවුන් ඩෙංගු මර්දනය සදහා අනියුක්ත කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැණුණේ බරවා සහ මැලේරියා යන රෝග සාර්ථකව මර්දනය කිරීම හේතුවෙන්.
එහෙත් පසුව මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් මීට සතියකට පෙර එනම් ඉකුත් 8 වනදා අනාවරණ කළේ.
එහිදී අනාවරණ කෙරුණේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී තනතුරට බදවා ගත් නවක කණ්ඩායම සදහා ඩෙංගු රෝගය පිළිබද කරුණු ඔවුන්ගේ පුහුණුවේ විෂය නිර්දේශයෙන් ඉවත් කර ඇති බවයි.
ඩෙංගු රෝගය පිළිබද ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම හේතුවෙන් රාජකාරී ඉටු කිරීමේදී මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් අපහසුතාවට පත්වන බවද එහිදී පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් කළ මෙම අනාවරණයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ පිළිබද විමසීමක් කළ බවයි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රකාශ කළේ.
ඩෙංගු රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ දිනවල යළි දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ගත වු කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසි දහස් එකසිය විසි හයක්.
දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන වැඩිවනවා මිස එහි අඩුවීමක්ද පෙනෙන්නට ඇත්තේ නැහැ.
එවන් පසුබිමක මදුරුවන් මගින් බෝ වන රෝගවන රෝග මර්දනයට අනියුක්ත කළ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් කිරීම පිළිබද නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී ජයන්ත රණතුංග නෙත් නිවුස් වෙත ස්තූතිය පලකළා.