දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං සේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින්.
විදේශ අමාත්‍යවරයා සමග දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙයයි. සිය සංචාරයේදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා මෙරට රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.